Search Song | ගීතය සොයන්න

ඔබ දකින දකින - ප්‍රනාන්දු M.S. (Oba Dakina Dakina - Fernando M.S.)

ඔබ දකින දකින දිනක මහද පොකුණු තලාවේ
කිරි පැහැති සුසුදු සුමුදු සිනිදු කුමුදු හිනාවේ
කුමුදු හිනාවේ මේ පොකුණු තලාවේ
මේ කුමුදු හිනාවේ පොකුණු තලාවේ

මල් දහසක සුවඳින් සුවඳ වෙලා
කුංකුම පිණි දිය ගා නළලෙ උලා
රන්වන් කැළුම් නංවලා
මල් දහසක සුවඳින් සුවඳ වෙලා
කුංකුම පිණි දිය ගා නළලෙ උලා
බඳ වටලා සළු පටලා
බඳ වටලා සළු පටලා
පෙති ගෝමර ඉසිලා ළය තුරුලේ
සඳ බැබලේ රැඳිලා වත මඩලේ
නිල් තරු දෑසෙ හැංගිලා
පෙති ගෝමර ඉසිලා ළය තුරුලේ
සඳ බැබලේ රැඳිලා වත මඩලේ
ඔබ නැති දා ලොව නැත මා
ඔබ නැති දා ලොව නැත මා