Search Song | ගීතය සොයන්න

කවි සීපද ඇහෙන ඈත - චන්දන ලියනආරච්චි (Kavi Seepada Ahena Aatha - Chandana Liyanarachchi)

කවි සීපද ඇහෙන ඈත
කුරහන් මල් පිපෙන රෑට
සරා සඳ ‍පෙමාතුර ගී ගයාවි
වළා පෙළ අඳුර ලඟ ඉකි බිදිවි
මල් පිපුණට පාට පාට අසරණ වූ මගේ දෑස
නිදි යහනට මල් සුවඳක් නොවේවි
හිතේ දුකට නෙතු කඳුලැල් සැලේවි
පහන් සිළෙන් නොදුටුව රුව
ඇල දොළ ලඟ සිරියාවට
හිරු කුමරුට අතවනන්න හදනවා
එපා නගෝ තරහ වෙන්න හිතෙනවා
අද රෑ වස්දඬු රාවය
කියයි හිතේ ඇති ආලය
තරු මල් සිපගෙන එන පෙම් සිහිනයේ
නැළවීයන් සංකා හැර ප්‍රේමියේ