Search Song | ගීතය සොයන්න

කවුරුන්ද ඔබ මගේ - සුනිල් එදිරිසිංහ (Kawrunda Oba Mage - Sunil Edirisinghe)

කවුරුන්ද ඔබ මගේ
කවුරුන්ද මා ඔබේ
දෙතොල් සලා මුදු සිනහ නගන්නෙමු
දෙනෙත් පුරා පිරි කඳුළු සලන්නෙමු
හදවත් ගැහෙනා රිද්මය අතරේ
සිතින් ගතින් එක්තැන් වී ඉන්නෙමු

ප්‍රේමය ගොළු වී හඬා වැටීලා
ඔබ හද මා හද රිදවන මොහොතේ
ජීවිතයට හුරු පැරදුම හමුවේ
නොදොඩා ගොළුවී බලා සිටින්නෙමු