Search Song | ගීතය සොයන්න

මා නෙත් කැදැල්ලේ - මිල්ටන් මල්ලවාරච්චි (Maa Neth Kadalle - Milton Mallawarachchi)

මා නෙත් කැදැල්ලේ සැතපීලා නිදැල්ලේ
දැවටී රන්දැලේ හද පුරා සැනසිලා
ආයෙත් ඉගිල්ලී පියඹාලා පිපාසෙන්
නොසරා මල් කැලේ
රොන් සොයාලා
රොන් සොයාලා

බඹර තුඩු ගා නැති කුමුදු මලකින් පෙති
ගෙනෙමි දුර ඈත විලකින් බලා
ඒ මැද ඔඛෙ යහන සාදන්නෙ නා දල්ලෙනුයි
සුවඳ උලා
අරුණ පිණි බිංදුවයි පියුමෙ මකරන්දයයි
පොවමි මේ කුලක කලතා නිවා
ඉන්මතු කිසි දාක යන්නෙහිද හද රන් ලෙනේ
පහන නිවා