Search Song | ගීතය සොයන්න

මා ඉතින් යන්න යනවා - සුනිල් එදිරිසිංහ (Maa Ithn Yanna Yanawa - Sunil Edirisinghe)

මා ඉතින් යන්න යනවා
මට යන්න අවසරයි
මට අරන් යන්න ඇත්තේ
ඒ මතකය විතරයි

නුඹ සඳක් වෙලා පායා
මට එළිය වුණු වගයි
නුඹ සඳක් සේම බැස යයි
මට ඉතිරි කළුවරයි
මගෙ මතක එපමණයි
සඳ එළිය අයිති ලොවටයි
සඳ අයිති අහසටයි
පිණි කඳුළු බිංදු විතරක්
මේ බිමට වැටෙනු ඇයි
මට උරුම එපමණයි