Search Song | ගීතය සොයන්න

මා දෑසේ ආදරේ - අතුල අධිකාරී (Maa Dase Adare - Athula Adikari)

මා දෑසේ ආදරේ හැඟුම් ලියා තියා
ඈ කවුදෝ මා හදේ හැගුම් වශී කලා
පාරාදීසේ මා දමා
පාළුවේ ඈ ගියා
මා දෑසේ ආදරේ හැඟුම් ලියා තියා

වේදනාවකී ඇගේ සෙනේ
මා පැතූව ලෝකයේ
වාසනාව පා වුනේ කොහේ
මට වේදනා තිලිණේ පුදා
හසරැල් සලා
ඈ මිදීලා යාවී මා දමා

ජීවිතේ පුරා ඔබේ සෙනේ
ලැබේවිදෝ ළඳේ ඔබේ
ආදරේ ලැබේවිදෝ ළදේ
සෙනෙහේ පුදා සසරේ පුරා
පැතුමන් දරා
ඈ මෙ මාව ඒවිදෝ සොයා