Search Song | ගීතය සොයන්න

මේ උයන් තෙරේ - නිර්මලා රණතුංග (Me Uyan There - Nirmala Ranathunga)

මේ උයන් තෙරේ මේ තුරු සෙවණේ
ඔබේ කතා මට තවම ඇසේ
මේ නදී තෙරේ මේ අඩි පාරේ
ඔබේ සිනා මට තවම පෙනේ
ඔබ එදා කියූ වදන් ලියා ඇති සිතේ
නෑ ඉඩක් යළිත් සදා අන් සිතක් කෙරේ
අතරමගත මා දමා තනිව ඒ ලොවේ
කොහෙද ඔබ ගියේ
කියන්න කොහෙද ඔබ ගියේ
අප එදා පෙමින් වෙලී දෙපා නැගු මගේ
නෑ තවත් මැකී ගියේ මුදු වදන් ඔබේ
යළිදු ඔබ එතැයි පතා හිඳිමි ඒ ලොවේ
කොහෙද ඔබ ගියේ
කියන්න කොහෙද ඔබ ගියේ