Search Song | ගීතය සොයන්න

නවදැලි හේනක - සෝමතිලක ජයමහ (Nawadali Heenaka - Somathilaka Jayamaha)

නවදැලි හේනක පෑව වැදිරි රුව
ලෙස උවමින් දෙනුවන් රවටා...
මා පෙම් කල ජනපද කල්‍යාණිට
හිමියනි මට කල නොහැක නිගා
‍සුරඟන රූසිරු දුටිමි හැදින්නෙමි
සිත්ලෙස දෙනුවන් බවුන් නුරා
මා හදුනන මගෙ හදගන් කලණිය
මට නුදුරුයි සුරඟනට වඩා

මා සිත සුවපත් කරලනු නොහැකිය
සෝ ලතැවුල් දෙයි රැයද දිවා
නෙත දුටු සුරගන රූසිරු කුමටද
හද දුටු ජනපද කලණ නිසා