Search Song | ගීතය සොයන්න

නීල බිගු කැල - වික්ටර් රත්නායක (Neela Bingu Kala - Victor Rathnayake)

නීල බිගු කැල කාම රස පෙල
ආදරෙන් සනසාලා
තිසර තුඩු මුදු තඹර පහසින්
මෝහනය වීලා
මාරුතේ මතුරා යතේ
සුරඟුන් නැගූ මුකුළු
මාවතේ අතුරා ඇතේ
සුරඟුන් නෙලූ කැකුළු
සුරඟුන් නෙලූ කැකුළු
ජීවිතේ කිරි සාගරේ
කළඹා දිනූ කිදුරී
මීවිතේ මදුරා පුරා
සඟවා නොයන් සොදුරී
සඟවා නොයන් ‍සොඳුරී