Search Song | ගීතය සොයන්න

රුවක් ඇදෙනවා - ගුණදාස කපුගේ (Ruwak Andhenawa - Gunadasa Kapuge)

රුවක් ඇදෙනවා කවුදෝ එනවා
මීවිත ඇතිරිය දෑස වසනවා
හද පොදි බැදි රුව දියකර පා කර
ඔබේ ලොවට මා..මොහොතින් එනවා

සොදුරු යොවුන්විය මල් මඟ මුල හිද
කිම තොල මීවිත පොඟවන්නේ
නුරා විරහ ගිනි නිවා දමන්නයි
සුරා වෙතින් මා දෙතොල තෙමන්නේ
නැගුනු නුරා ගිනි මිනි පොද වැටිලා
හතර අතින් දළුලා එනවා
අවන්හලේ මීවිත තනිකරලා
වරෙන් මලේ පියවර නගලා