Search Song | ගීතය සොයන්න

සඳරේණු වෑහෙනා - ප්‍රින්ස් උදය ප්‍රියන්ත (Sandareenu Waahenaa - Prince Udaya Priyantha)

සඳරේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ
ඔබ ඉන්න මාගේ ළඟින්
හද පිරුණු වේදනා පිසදා සිනා සලා
මට දෙන්න ආදරේ ඔබගේ හදින්
සඳරේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ
ඔබ ඉන්න මාගේ ළඟින්
පියවී ලොවේ කිසිදා එක්වන්නෙ නෑ
එනමුත් මගේ හදින් වෙන්වන්නෙ නෑ
දෙතැන තනි වී සදා
හෙලන සුසුමන් නිවා
ඔබ ඉන්න මාගේ ළඟින්
තිබුණත් හදේ පැතුමන් ඉටුවන්නෙදෝ
ඔබ ගැන පැතු සිතින් වැලපෙන්නදෝ
කඳුළු හසරැල් මවා
ම සිත ලතැවුල් නිවා
ඔබ ඉන්න මාගේ ළඟින්