සෙනෙහස විඳිනට පින් කර ඇතිමුත්
පිවිතුරු ඔබේ හදින්
ඔබේ දෙපා ළඟ දුහුවිල්ලක්වත්
වන්නට නොමැත වරම්
පිවිතුරු ඔබේ හදින්
ඔබේ දෙපා ළඟ දුහුවිල්ලක්වත්
වන්නට නොමැත වරම්
එක තැන රැඳුනද මනසින් හැඟුමින්
ඔබ මා එකම සිතින්
කුමටද නිදිනැති යහනට නැතිනම්
ඔබගේ සුසුම් පවන්
යළි යළි බැඳුනද නොසැලෙන විලසින්
ඔබ මා සිතට සිතින්
කුමටද නැති කළ සෙවණට මොහොතක්
ඔබ ළඟ රැදෙන වරම්