සිහින ගෙනෙන ඔබ කවුරුන්දෝ
අලුත් සිහිනයක් මට නැතිදෝ
සුපුරුදු එක සිහිනෙම දැකලා
සිතේ සතුට මගෙ ඇත මැකිලා
අලුත් සිහිනයක් මට නැතිදෝ
සුපුරුදු එක සිහිනෙම දැකලා
සිතේ සතුට මගෙ ඇත මැකිලා
ගත වෙහෙසා මම යහනට ආ විට
දෙනෙත් වැසී යයි නොදැනී මා හට
සිසිලක් දැනෙයි මට ඒ මොහොතේ
සුපුරුදු සිහිනය පෙනෙයි සිතේ
දෙනෙත් වැසී යයි නොදැනී මා හට
සිසිලක් දැනෙයි මට ඒ මොහොතේ
සුපුරුදු සිහිනය පෙනෙයි සිතේ
පැහැදිලි නැති එක රුවක් ඇතේ
සිහිනෙන් දැකුමට පැතුම් සිතේ
සිහිනෙන් ඒ රුව දැකගන්න
මටත් වරක් අවසර දෙන්න
සිහිනෙන් දැකුමට පැතුම් සිතේ
සිහිනෙන් ඒ රුව දැකගන්න
මටත් වරක් අවසර දෙන්න