Search Song | ගීතය සොයන්න

සිතුම් පැතුම් පොදි ආදරේ - මිල්ටන් මල්ලවාරච්චි (Sithum Pathum Podi Adare - Milton Mallawarachchi)

සිතුම් පැතුම් පොදි ආදරේ
බැඳන් ආවේ
ආයාසයකින් කියන්න
බැරි තරමේ...
නිලුපුල් දෙනුවන් දැකගන්නයි
සුවඳැල් මුහුලස සිපගන්නයි
සුළැඟිල්ලෙන් ගෙන ලෙළවන්නයි
සිහිලැල් වදනින් සැනසෙන්නයි...
ලියගොමු වියැලී මල් පරවී
අතුකොළ වැහැරී බිම වැටිලා
ඔබ ගිය වග සරණෙක බැඳිලා
කවුද කියයි මට කොඳුරාලා...