Search Song | ගීතය සොයන්න

සිතුවිලි සිරවී - බණ්ඩාර අතාවුද (Sithuwili Siravi - Bandara Athawuda)

සිතුවිලි සිරවී හදවත පතුලේ
ඉකිබිද වැල‍පෙනවා...
රුව සැංගී මගෙ මතකය අතරේ
නෙත් අසරණ වෙනවා...
ඔබෙ සෙනෙහස දැක සැගවෙනු කෙලෙසද
නෑ මට තවමත් වැටහෙන්නේ...
සුසුම් නිම්නයේ සමුගන්නට නම්
මේ ලෙස ඇයි අප හමුවන්නේ...
මිලාන වූ මල් ඉකිබිද වැලපේ
විකසිත කුසුමන් හිනැහෙද්දී...
ලොව දහසක් නෙත් හිනැහෙන මොහොතේ
ඔබේ මගේ ලොව කදුළු දකී...