Search Song | ගීතය සොයන්න

සුදු මුතු රළ පෙළ - ජයරත්න T.M. සමග නීලා වික්‍රමසිංහ (Sudu Mudu Rala Pela - Jayarathna T.M with Neela Wickramasinghe)

සුදු මුතු රළ පෙළ කිඳුරු කොදෙව්වේ
පාවඩ පලස එලා..
සිඳුලඳ ගෙනදුන් මුතු කැකුලක් සේ
ඔබ මට තිලිණ වෙලා..
යුගදිවි වැල්ලේ අඳුරු ඉස්සව්වේ
මුකුලිත සිතැඟි සලා
අරුණැල්ලක්සේ....
අරුණැල්ලක්සේ නුඹ මිණ පායා
සනහස ජනිත කළා...
සැඩ රළ රැල්ලේ සැලෙන කැදැල්ලේ
රැඳුනෙමි සරණ සොයා
පවනැල්ලක්සේ....
පවනැල්ලක්සේ නොම හැර ආවෙමි
ඔබ හද සැදෙන තුරා..