ආදරේ ආදරේ ආදරේ....
ඉර සඳ වැඳලා නෙත් දෙක ඇරලා
අත ඔබේ නළලේ තියා
හදවත සපුරා පවසමි ඉඳුරා
මම ආදරෙයි කියා
අත ඔබේ නළලේ තියා
හදවත සපුරා පවසමි ඉඳුරා
මම ආදරෙයි කියා
මගෙ සිත සැනසී සැක බිය වැනසී
ගණඳුර පහව ගියා
මම ඔබ අඳුනා පිළිගමි ඉඳුරා
මම ආදරෙයි කියා
ගණඳුර පහව ගියා
මම ඔබ අඳුනා පිළිගමි ඉඳුරා
මම ආදරෙයි කියා
සතර දිගන්තේ
සොඳුරු වසන්තේ
ඔය මුහුණෙහි දකිමී
ඇස පිය නොහැරා
ඔය මුහුණෙහි දකිමී
ඇස පිය නොහැරා
දෙනෙතෙහි සතපා
ඔබෙ රුව මම රකිමි
ඔබෙ රුව මම රකිමි
මුළු ලොව මත්තේ
මගෙ යැයි කිව හැකි
ඔබ පමණයි ඇත්තේ
හෝ ඔබ මා ළඟනම්
ජීවිතයට වෙන
ඔබ පමණයි ඇත්තේ
හෝ ඔබ මා ළඟනම්
ජීවිතයට වෙන
කිසිවක් හිඟ නැත්තේ